Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


කිරිඇල්ල පවුලේ හන්තානේ ඉඩම් කොල්ලය..?


2025-07-19 14887

 

(අශෝක ජයතුංග)

à·„à·’à¶§à¶´à·” ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල හා ඔහුගේ දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දුානි බොහෝ දෙනෙකුට අනුව à¶´à¶§à·Šà¶§ හොරුය. ඔවුහු මගේ හිතවතුන් නොවේ. එහෙත් මෙම දැවැන්ත හොරකමේ සත්‍ය කතාව මා දන්නා නිසා à¶’ ගැන සටහනක් තැබීම කාලෝචිත යයි සිතමි.

කිරිඇල්ලලා හන්තානේ à¶…à¶šà·Šà¶šà¶» 43 à¶šà·Š බලය යොදා හොරකම් à¶šà¶½ බවට දැවැන්ත චෝදනාවක් එල්ල වෙන්නට ගත්තේ වසර කිහිපයකට පෙර සිටය.ඇමති කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී හා ජනමාධ්‍ය වලත් මේ ගැන විවිධ පැහැදිලි කිරීම් à¶šà·… ද පසුගිය රජය කාළේ මහින්දානන්ද ගේ මැදහත්වීම මත එම චෝදනාව නිරන්තරයෙන් එල්ල වන්නට විය. එය මහනුවර දේශපාලන à¶¶à¶½ අරගලයේ කොටසක් බවට ද පත්විය. මහින්දානන්ද කෝප් à¶‘à¶šà¶§ පවා à¶’ ගැන පැමිණිලි කලා මෙන්ම පසුව අකුලා ගත්තාත් මතකය. මාළිමා ආණ්ඩුවේ කෝප් එකේදී ද එය පසුගියදා යළි කතා à¶¶à·„à¶§ ලක්වී ජනමාධ්‍ය ෂෝ à¶‘à¶šà¶šà·Š බවට ද දැන් à¶´à¶­à·Šà·€ à¶­à·’à¶¶à·š.

මා මීට වසර කිහිපයකට පෙර ලංකාදීපය වෙනුවෙන් ඇමති කිරිඇල්ලගේ සම්මුඛ සාකච්ඡාවක් කරන්නට එම නිවසට ගියවිට ඔබ හා දියණිය හන්තානෙන් ඉඩමක් හොරකම් කලා නේදැයි අමුවෙන්ම ඇසුවා මතකය.à¶Šà¶§ වාචිකව පමණක් නොව නිවසේ අල්මාරි අවුස්සා අදාළ ලිපි ලේඛණ හා උසාවි තීන්දු ද මට පෙන්වන්නට ඇමති කිරිඇල්ල à¶šà·Š‍රියා à¶šà¶½ හැටි ද මතකය.

මගේ මතකය අනුව කිරිඇල්ල බිරිඳ ශ්‍යාමේන් මහවලතැන්න මහත්මිය බලංගොඩ මහවලතැන්න පරපුරේ කෙනෙකි. සිරිමාවෝ මැතිණියගේ ලගම ඥාති කාන්තාවකි. ඇය ද මහවෙලතැන්න පරපුරට අයත් à¶…à¶šà·Šà¶šà¶» දහස් ගණනක උරුමකරුවන් à¶­à¶» සිටි à¶´à·Š‍රමුඛ කාන්තාවකි.

මීට වසර එකසිය ගණනකට පෙර මහවෙලතැන්න පරපුරට අයත් එම රාසගල වත්ත ඉඩම් ඇයගේ මුත්තා විසින් බලංගොඩ වැවිලි à¶‘à¶šà¶§ බදුදී ඇත්තේ වසර 99 කටය. එම ගිවිසුම 1994 හෝ 95 දී නිමවී පෙර උරුමකරුවන්ට ඉඩම් යළි හිමිවිය යුතු වුවත් කිරිඇල්ලලාගේ ලගම ඥාතී චන්ද්‍රිකා ආණ්ඩුව ඉඩම් අයිතිකරුවන්ට පවරා නොදී වැවිලි සමාගමටම යළි බදු දී එම ඉඩම් පාළනය කරන්නට උත්සාහ කොට à¶­à·’à¶¶à·š. à¶Šà¶§ එරෙහිව උරුමකරුවෝ මගේ මතකය අනුව 1998 දී පමණ අභියාචනාධිකරණයට ගොස් රාසගල වත්ත ඉඩම යළි පවරා දෙන ලෙස ඉල්ලා à¶­à·’à¶¶à·š. රජය එය නිදහස් කිරීමට අකමැතිවී විකල්ප ඉඩම් යෝජනා කොට à¶­à·’à¶¶à·š.

ඒ අනුව අභයාචනාධිකරණය හා නීතිපතිගේ එකගත්වයෙන් විකල්ප ඉඩම් ලෙස කිරිඇල්ල පවුල හන්තානේ ඉඩමක් බාරගැනීමට උසාවියට කැමැත්ත පළකොට තිබේ. එවකට ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර පදිංචිව සිටීම හා ඊට හේතුව වූ බව ඇමති කිරිඇල්ල එදා මට කීවා මතකය.

එහෙත් පසුගියදා කෝප් කමිටුවේ දී කතාකළ රාජ්‍ය නිළධාරීන් හෝ තමන් හැර සෙසු සියල්ල හොරු යයි සිතන මාළිමා දේශපාලකයින් මේ සත්‍ය නොදැන එහිදී වගකීම් විරහිතව කතා කිරීම හා හැසිරීම පුදුමාකාරය. එමෙන්ම එය උසාවියට අභියෝග කිරීමක් ද වන à¶¶à·€ මගේ අදහසය.

Advertiesment